fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රේමය බිඳවැටී කලකිරුණු පාසල් සිසුවිය ගෙළ වැළලාගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 15:58

ප්‍රේමය බිඳවැටී කලකිරුණු පාසල් සිසුවිය ගෙළ වැළලාගනී

ප්‍රේම සම්බන්ධතාවයන් බිඳවැටීම හේතුවෙන් කලකිරුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

එනම්, මීගලෑව උස්ගල සියඹලන්ගමුව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය සති කිහිපයකට ඉහත දී තරුණයකු සමඟ නිවසට නොදන්වා පළාගොස් තිබුණා.

පොලීසිය විසින් විමර්ශන සිදුකර අදාල තරුණයා අත්අඩංගුවට ගෙන මෙම සිසුවිය පරිවාස භාරයට පත් කිරීමෙන් අනතුරුව නැවතත් නිවසට පැමිණ තිබූ අතර ඉන් පසුවයි  මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙන්නේ.

මීගලෑව පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්