fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කථානායක හමුවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 15:12

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වූ කරුණු පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කථානායකවරයාට කරුණු දැක්වීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාව තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ද මෙහිදී මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම සංචාරයේදී දෙරට අතර බලශක්ති , අධ්‍යාපන, ඩිජිටල් තාක්ෂණ ආදි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව බාග්ලේ මහතා කථානායකවරයාට දන්වා සිටියේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගීතාවයට ස්තූතිය පළ කළ කථානායකවරයා මෙරටට ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව සතුට පළ කළේය.

ශ්‍රී ලංකා ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග හමුවක් කැඳවන ලෙස ඉල්ලා සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා එහි සාමාජිකයින් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. දෙරට අතර හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මහකොමසාරිස්වරයා පැවසීය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්