හතර දෙනෙකුට මරු කැඳවූ තඹුත්තේගම මාරක අනතුර
Related Articles
අද අලුයම තඹුත්තේගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් හතර දෙනෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලැබුවා.
අනුරාධපුර කුරුණෑගල අංක 57 මාර්ගයේ තඹුත්තේගම ඊරියගම ප්‍රදේශයේදී යි මෙම අනතුර සිදු වුණේ.
ලොරි රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියා.
කුඩා දරුවන් තුන්දෙනෙකු ඇතුළු හතර දෙනෙකුයි එහිදී තුවාල ලබා සිටින්නේ.
ලොරි රථය වෙළෙදසැලක් අසල නැවැත්වීමට යාමේදී එම දිශාවටම ගමන් කළ වෑන් රථය ලොරි රථයේ පිටුපස බද කොටසේ ගැටී තිබෙනවා.
මියගොස් සිටින්නේ වෑන් රථයේ ගමන් කළ හතර දෙනෙකුයි.
වෑන් රථයේ රියදුරු අපරීක්ෂාකාරීව හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදු වූ බව තඹුත්තේගම පොලිසිය පවසනවා.