fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“හෙළ වෙද රුවනාර” අද ඇරඹෙයි

hasiniek
By hasiniek අගෝස්තු 3, 2023 14:06

“හෙළ වෙද රුවනාර” අද ඇරඹෙයි

ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීම ආරම්භ කර තිබෙනවා.

“හෙළ වෙද රුවනාර” ලෙස නම් කර ඇති මෙම දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන 2023 අගෝස්තු 03 සහ 04 එනම් අද සහ හෙට යන දෙදින මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වනවා.

ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබාදෙන සේවාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන් සැපයීම අරමුණු කරගනිමින් මෙම මෙම ජංගම සේවාව ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එහිදී නවක ලියාපදිංචිය සඳහා අයදුම්පත් ලබාගැනීම, ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අලුත් කිරීම හා ඊට අදාල ලිපි නිකුත් කිරීම, 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ විධිවිධානවලට අනුකූලව මුද්‍රණය කළ ආයුර්වේද වෛද්‍ය සභා ලාංඡනය සහිත හැඳුනුම්පත්වලට අදාල අයදුම්පත් නිකුත් කිරීම, ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වාහන ලාංඡන නිකුත් කිරීම, සාරානුකූල සිංහල සහතික පිටපත් නිකුත් කිරීම, ඉංග්‍රීසි සහතික පිටපත් නිකුත් කිරීම, නම් වෙනස් කිරීමේ ලිපි නිකුත් කිරීම, ලියාපදිංචිය තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම, චරිත සහතික නිකුත් කිරීම ඇතුළු සේවාවන් රැසක් මෙම ජංගම සේවාව තුළින් පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන් වෙත ලබාදීමට නියමිත වනවා.

hasiniek
By hasiniek අගෝස්තු 3, 2023 14:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්