fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වටලයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 09:13

මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වටලයි

මෝදර ප්‍රදේශයේ තිබු පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්වුණා.

තොග ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගැනුනා.

එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගත්තා.

ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු සුදු ලූණු විශාල ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

අලෙවිකරන බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සදහන් කර තිබුණේ නැහැ. ආහාර තොග ගබඩාවට මුද්‍රා තැබු පාරිභෝගික අධිකාරිය සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්