භූමියේ හිමිකම් අහිමි මහවැලි ජනපදිකයින් 35,000කට ඉඩම් හිමිකම්
Related Articles
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පවුල් 15,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ඒ අනුව වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම නොමැතිව සිටි පවුල් වෙත මෙසේ ඉඩම් ඔප්පු ලබාදීමට නියමිතයි.
තවද මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 20,000කට මේ වන විටත් ඉඩම් හිමිකම ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්