fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිරිඳව පුදුම කරන්න සූරියකාන්ත මල් මිලියන 1.2ක් සිටවූ ගොවියා

hasiniek
By hasiniek අගෝස්තු 2, 2023 14:58

බිරිඳව පුදුම කරන්න සූරියකාන්ත මල් මිලියන 1.2ක් සිටවූ ගොවියා

එක්සත් ජනපදයේ ගොවියෙක් තම බිරිඳට ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80ක භූමි භාගයක සූරියකාන්ත මල් මිලියන 1.5 ක් රෝපණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Lee Wilson කැන්සාස් හි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ සූරියකාන්ත මල්වලට ආදරය කරන තම බිරිඳ Reni ට පුදුම සහගත තෑග්ගක් ලබාදීමේ අරමුණින් තමා මෙය සිදුකළ බවයි.

Wilson මැයි මාසයේදී බිරිඳට රහසින් සූරියකාන්ත පැළ සිටුවීමට තම පුතාගේ සහාය ලබා ගෙන තිබෙනවා.

මල් ප්‍රමාණය සහ භූමි ප්‍රමාණය සලකා බලන විට අක්කරයකට සූරියකාන්ත මල් 15,000ක් සිටව ඇති බවයි සඳහන් වන්නේ.

Wilson මහතාගේ සොඳුරු වෑයම පිළිබඳ පුවත පැතිර ගිය දා සිට, එම චමත්කාරජනක දසුන දැකීමට සහ ඡායාරූප ගැනීමට සූරියකාන්ත මල් සිටවා ඇති ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

hasiniek
By hasiniek අගෝස්තු 2, 2023 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්