fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තම දරු දෙදෙනා ඝාතනය කළ ඇමෙරිකානු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2023 14:50

තම දරු දෙදෙනා ඝාතනය කළ ඇමෙරිකානු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

තම දරුවන් දෙදෙනා ඝාතනය කළ ඇමෙරිකානු මවකට එරට අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා.

ලෝරි වැලෝ නමැති මෙම කාන්තාව 16 හැවිරිදි තම දියණිය හා හදාවඩාගත් 7 හැවිරිදි පිරිමි දරුවා 2019 වසරේ දී ඝාතනය කෙරුණා. එමෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාගේ හිටපු බිරිදව ද ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

තම දරුවන් දෙදෙනා ඝාතනය කිරීම සාධාරණීකරණය කිරීම සදහා ඇය තම ආගමික විශ්වාසයන් අධිකරණය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

2019 වසරේ දී එම දරුවන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය පොලීසියට කිසිදු පැමිණිල්ලක් සිදුකර නොමැති අතර 2020 වසරේ ජුනි මාසයේ දී ඔවුන්ගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

සිද්ධිය පාදක කර ගනිමින් ටෙලිනාට්‍ය මාලාවක් ද නිර්මාණය කෙරුණා. ඇයගේ ස්වාමිපුරුෂයාට එරෙහිව ද නඩු පවරා ඇති අතර ඔහුට ද ඒ හා සමාන චෝදනා ගොනුකර තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2023 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්