ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී හමුවූ කාන්තා මළ සිරුර ගැන පරීක්ෂණ අරඹයි
Related Articles
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම කදුමුදුනේ කඳවුරු බැදීමට පැමිණි පිරිසක් මළ සිරුරක් ඇති බවට පොලීසියට දැනුම් දී තිබුණා.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර එම කණ්ඩායම සැක කරන්නේ මියගිය කාන්තාව මෙම කඳුවැටිය තරණය කර ඇති බවත් ඇය මියයාමෙන් පසු සිරුර කඳුමුදුනේ දමා අනෙක් පිරිස පලායන්නට ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටියේ කඳවුරු බැදීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බවයි.