fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොක්සුරි සුළිකුණාටුවෙන් චීනයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2023 10:17

ඩොක්සුරි සුළිකුණාටුවෙන් චීනයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයට බලපා ඇති ඩොක්සුරි සුළිකුණාටුව හේතුවෙන්  පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 13 දෙනෙකු අතුරුදන් බවයි වාර්තා වන්නේ.

සති තුනක කාලයක් ඇතුළත චීනයට බලපෑ තුන්වන සුළිකුණාටුව මෙයයි.

අඛණ්ඩව දින 4 ක් පුරා අධික වර්ෂාව ලැබෙමින් පවතින අතර ඒ සමඟම ගංවතුර තත්ත්වයක් හටගත්තා.

මේ අතර කෑනන් සුළි කුණාටුව ද චීනයේ නැගෙනහිර දෙසින් රට තුළට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ අංශ පවසනවා.

පනස්දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සහන කටයුතු සඳහා හමුදාව යොදවා ඇති අතර ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

වර්ෂාවත් සමඟ බීජිං නගරයේ ගුවන්තොටුපල දෙකක ක්‍රියාත්මක ගුවන් ගමන්වාර 400 කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවීමට ද පියවර ගැනුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 2, 2023 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්