fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ ඇඟලුම් කම්හල්වල රැකියා සඳහා පළමු කණ්ඩායම අද රැයේ පිටත් වෙයි

hasiniek
By hasiniek අගෝස්තු 1, 2023 15:55

රුසියාවේ ඇඟලුම් කම්හල්වල රැකියා සඳහා පළමු කණ්ඩායම අද රැයේ පිටත් වෙයි

රජයේ මැදිහත්වීමෙන් රුසියාවේ ඇඟලුම් කම්හල්වල රැකියා සඳහා පළමු කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

රුසියාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක සේවය සඳහා පිටත්ව යන මෙම පිරිසට 59 දෙනෙකු ඇතුලත්.

එම කණ්ඩායමට ගුවන් ටිකට් පත් ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා රැකියා ඒජන්සි ආයතනයේ දී සිදු කෙරුණා.

ඒ එහි කළමනාකරු ව්‍යාපාර ප්‍රවර්ධන කලාණි ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ මෙහෙයවීමෙන් මෙසේ පිටත්ව යන පිරිස වයස අවුරුදු 18ත් 45ත් අතර කාන්තාවන්.

වසර 3ක කොන්ත්‍රාත් කාලයකට රැකියා සදහා එක්වන මෙම එක් අයෙකුට රුපියල් ලක්ෂ 3කට ආසන්න වැටුපක් හිමිවනවා.

 

 

 

hasiniek
By hasiniek අගෝස්තු 1, 2023 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්