fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතරමැදි කන්නයේ මුං හා කව්පි වගාවට ප්‍රමුඛත්වය දෙන්න – කෘෂි ඇමති

hasiniek
By hasiniek අගෝස්තු 1, 2023 11:40

අතරමැදි කන්නයේ මුං හා කව්පි වගාවට ප්‍රමුඛත්වය දෙන්න – කෘෂි ඇමති

අතරමැදි කන්නයේ මුං හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම යළ කන්නයේ අස්වැන්න නෙළා ගත් වහාම අතරමැදි කන්නය සදහා අතිරේක ආහාර බෝග වගාවට ගොවීන්ට අවශ්‍ය පහසුකම් සලසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම නිලධාරන්ට උපදෙස් ලබාදුන්නා.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්කම කිරීමට සැලසුම් කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වල ප්‍රගතිය පිළිබද සමාලෝචන රැස්වීමට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කෙරුණේ.

වගා කටයුතු සදහා අවශ්‍ය බීජ හා අනෙකුත් පහසුකම් සැපයීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ව්‍යාපෘති හා අනෙකුත් අංශ මගින් සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

hasiniek
By hasiniek අගෝස්තු 1, 2023 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්