සබරගමු මහ සමන් දේවාලයේ මෙවර පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (01) රාත්‍රි වීදි සංචාරය කෙරෙන බව සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා පවසනවා.
නැකැත්වලට අනුකුලව සාම්ප්‍රදායික චාරිත්‍ර පිළිවෙත් අනුව පෙරහර පැවත්වේ.
හෙට (02) දිය කැපීමේ මංගල්‍ය සිරිත් පරිදි කළුගඟේ ඓතිහාසික රතඹලඇල්ල ප්‍රදේශයේදී සිදුකර දහවල් පෙරහර පවත්වා ගෙට ගෙවදීමෙන් නිමාවට පත්වේ.
සමන් දේවාලයේ මෙවර රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් සඳහා රත්නපුර ලංගම ඩිපෝව මඟින් ලංගම බස්රථ සහ සබරගමු පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මඟින් පෞද්ගලික බස් රථද ධාවනයට එක්කර තිබේ.