කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (01) අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීය.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන්
පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතල නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුළ මගින් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව අප වාර්තාකරු පැවසීය.