fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යන 15 දෙනෙක්ට ගුවන් ටිකට්පත්

hasiniek
By hasiniek ජූලි 31, 2023 17:21

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යන 15 දෙනෙක්ට ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද දින (31) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු කෙරුනා.

මෙම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 69 වන ශ්‍රමික කණ්ඩායම වන අතර එම පිරිස 2023.08.02 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

මේ වසරේ මුල් මාස 06 තුලදී පමණක් ශ්‍රී ලාංකිකයන් 202 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබෙනවා.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

hasiniek
By hasiniek ජූලි 31, 2023 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්