පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු පහළ යාම හේතුවෙන් ඒ යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 50,000 කට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීමේ ගැටලුවක් මතුව තිබෙනවා.
පවතින තත්ත්වය යටතේ ගොවිතැන් කටයුතු සඳහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.
ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කළේ, ඉල්ලුම් කරන පරිදි ජල මුදාහැරීම සිදු කළහොත් විදුලි ජනනය සඳහා ජලය නොමැති වන බවයි.
එලෙස නිකුත් කරන්නේ නම් හදිසි විදුලිය ලබා ගැනීමක් සිදුකළ යුතු බවත්, එසේ නොමැති නම් යම් මට්ටමක විදුලිය කප්පාදුවක් දකුණු පළාත තුළ සිදු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, මේ අවස්ථාවේදී සිදුකළ හැකි හොඳම දෙය වන්නේ පැයක දෙකක විදුලිය කප්පාදුවක් සිදුවුවද රටේ ආර්ථික තත්ත්වය ගැන සලකා බලා ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බවයි.