ජැෆ්නා කිංග්ස් පළමු ජය වාර්තා කරයි
Related Articles
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද(30) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 21 කින්.
තරගයේ කාසිය වැසිය දිනූ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි කලම්බෝ ස්ට්‍රයිකර්ස් කන්ඩායම පන්දුවර 19යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 152ක් පමණි.