fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක් පිපිරිමෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2023 10:52

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක් පිපිරිමෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට

තායිලන්ත ගිනිකෙළි කම්හලක ගබඩාවක් පිපිරිමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

‍මෙම පිපිරීමෙන් තුවාල ලැබු සංඛ්‍යාව 120 ඉක්ම වන බවයි වාර්තා වන්නේ. පිපිරීමත් සමග අවට පිහිටි නිවාස 292කට ද හානි සිදුව තිබෙනවා. තුවාල ලැබු බොහෝ පිරිසක් සුළු තුවාල ලබා සිටි අතර බරපතළ තත්ත්වයේ පසු වන්නේ එක්අයෙකු පමණක් බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ. සුන්ගායි,  කෝලොක් දිස්ත්‍රික්කයේ මූණෝ ගම්මානයේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක ගබඩාවක මෙම අනතුර සිදුවුණා.

ටොන් 5ක පුපුරන ද්‍රව්‍ය එහි ගබඩා කර තිබු බවයි එරට ආරංචි මාර්ග සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2023 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්