fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි – ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අද තරග බිමට

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2023 16:33

LPL ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි – ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අද තරග බිමට

දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් සහභාගී වන ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය අද කොළඹ දී ආරම්භ වනවා.

තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 5ක් එක්ව සිටිනවා. කලම්බු ස්ට්‍රයිකර්ස්,  ජැෆ්නා කින්ස්,  දඹුල්ල අවුරා,  ගෝල්ඩ් ටයිටන්ස්,  බී ලව් කැන්ඩි යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරනවා.

පළමු තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. ගියවර ශුරයින් වු ජැෆ්නා කින්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර පළමු තරගය පැවැත්වෙනවා.

මෙවර ශුරින් සදහා පිරිනැමෙන කුසලානය වෙරළ තීරවලින් සොයාගත් ඇලුමිනයම් කෑන් 2523 කින් නිර්මාණය කර තිබිම විශේෂත්වයක්. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් මගින් නිර්මාණය කළ පළමු ක්‍රිකට් කුසලානය ද මෙය වනවා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2023 16:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්