දින 1400කට පසු නිදහස ලැබූ චීනයේ සිරගත කර සිටි තායිවාන ව්‍යාපාරිකයා
Related Articles
චීනයේ ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වී සිරගත කර සිටි තායිවාන ජාතික ව්‍යාපාරිකයාට නිදහස හිමිව තිබෙනවා.
ඔහුට මෙලෙස නිදහස හිමිව ඇත්තතේ දින 1,400කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
2019 වසරේ දී ෂෙන්ෂෙන් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ ඡායාරූප ලබා ගැනීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔත්තු බැලීම සහ රාජ්‍ය රහස් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
කෙසේ වෙතත් ඔහු 2021 වසරේ ජූලි මාසයේදී බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති අතර චීනයෙන් පිටවීමේ තහනමක් හේතුවෙන් ඔහුට එරට රැදී සිටිමටයි සිදු වුණේ.
එමෙන්ම චීනයෙන් පිටවීමේ නිදහස හිමි වීමෙන් පසු ඔහු සිය රට බලා පිටත්ව ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.