ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ටොරන්ටෝහි ඝණ දෙවියන් උදෙසා වාර්ෂිකව පවත්වන වරසිත්ති විනයාගර් උත්සවය මෙවරත් උත්කර්ශවත්ව පැවැත්වුණා.
ටොරොන්ටෝ හි ස්කාබරෝ නගරයේ වරසිත්ති විනයාගර් හින්දු පාගමන සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් එක්ව සිටියා.
ටොරන්ටෝහි ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා ,ටොරොන්ටෝ නගරාධිපතිවරයා ,ඉන්දීය කොන්සාල් ජෙනරාල්රයා, නගර සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වුණා.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරාල්වරයා සඳහන් කළේ දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් දෙමළ ප්‍රජාවගේ සහයෝගීත්වය අගය කරන බවත් වඩා හොඳ අවබෝධයක් සඳහා ජාතීන් අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය දක්වන ලෙසයි.
කැනඩාවේ නව ගමනක් ආරම්භ කළ ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාවගේ සාර්ථකත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර වී ඇති අතර මෙම වේල් උත්සවය තුළින් සමස්ත ප්‍රජාවගේ සමගිය සහ සෞභාග්‍ය ඉස්මතු වන බව ද ඔහු පෙන්වා දුන්නා.
දින කිහිපයක් පුරා පැවැත් වෙන මෙම උත්සව මාලාවට කැනඩාවේ වෙසෙන හින්දු බැතිමතුන් අඛණ්ඩව එක්ව සිටීම විශේෂත්වයක්.