ජපානයේ ආසියා ෆැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හමුවුනා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කළ ආරාධනාවකට අනුවයි මෙම හමුව සිදුවුණේ. මෙරට ජපාන ආයෝජන අවස්ථා වැඩි කරන්නැයි රංගේ බණ්ඩාර මහතා මෙහිදී ඉල්ලීමක් කළා. රටේ පවතින ආර්ථික අර්බුදය විසදා ගැනීමට සහාය වන්නැයිද ජපානයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විශාල පිරිසක් සංචාරක වීසා මත ජපානයේ රැකියාවල නිරත වනවා. ඔවුන්ට යම් සහනයක් දෙන ලෙසට ද රංගේ බන්ඩාර මහතා ඉල්ලීමක් කළා.