වදවීමේ තර්ජනයට ලක්වු ඇති මුහුදු ඔළුගෙඩි කැස්බෑවෙකු මස් පිණිස සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. කිලෝග්‍රෑම් 100කට අධික බරකින් යුත් මෙම මුහුදු ඔළුගෙඩි කැස්බෑවා නීතිවිරෝධීව නිවසක සඟවා සිටියදී සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැඩිදුර විමර්ශන සදහා මන්නාරම වනජීවී කාර්යාලයට භාරදීමටයි ක්‍රියා කෙරුණේ.
මේ අතර අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. බොරැල්ල නගර සභා ශාලාව හන්දිය ඉදිරිපිටදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 146කට අධික ප්‍රමාණයක් සොයා ගත්තා.