නයිජර් හි නව නායකයා ලෙස තමා කටයුතු කරන බව ජෙනරාල් අබ්දුරහ්මනේ කියයි
Related Articles
කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීමෙන් පසු නයිජර් හි නව නායකයා ලෙස තමා කටයුතු කරන බව ජෙනරාල් අබ්දුරහ්මනේ චියානි ප්‍රකාශ කරනවා.
ඕමාර් චියානි ලෙසද හැදින්වෙන මොහු කුමන්ත්‍රණයකින් නයිජර් හි බලය අත්පත් කර ගත්තා.
එරට ජනාධිපති ආරක්ෂක අංශය ඒ වන විට බලයේ සිටි මොහොමඩ් බසූම් බලයෙන් පහ කිරිමත් සමඟයි මෙසේ නව නායකයා බවට පත් වුණේ.
බසූම් නව නායකයාගේ අත්අඩංගුවේ පසුවනවා.
ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි වාර්තා වන්නේ.
කලාපයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේදී මොහොමඩ් බසූම් තම මිතුරෙකු සේ සළකා කටයුතු කලා.