fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජංගම දුරකථනයක් මිලදීගන්න මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණයි

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2023 05:10

ජංගම දුරකථනයක් මිලදීගන්න මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණයි

ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණා තිබෙනවා.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ සිය පුතුව විකුණා ඇත්තේ එම මුදලින් iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට බවයි.

මෙහිදී ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එය මිලදීගෙන තිබෙන බව සඳහන්.

එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම‌ට කටයුතු කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2023 05:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්