fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේවගැති ජෙරම්ගේ ගිණුමේ සංසරණයවූ මුදල් ගැන විමර්ශන ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 17:49

දේවගැති ජෙරම්ගේ ගිණුමේ සංසරණයවූ මුදල් ගැන විමර්ශන ක්‍රියාත්මකයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2ක මුදල් සංසරණය වීම පිළිබද තොරතුරු අනාවරණය කරගෙන ඇති බැවින් ඒ පිළිබද විමර්ශන ක්‍රියාත්මක බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරික්ෂාවට ලක් කිරීමේදී මෙම තොරතුරු අනාවරණය කරගත් බව නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා ප්‍රකාශ කළා. මෙම මුදල් ලැබුණේ කෙසේද ඒවා තැන්පත් කළේ කවුරුන්ද යන තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.

ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දේවගැතිවරයා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වනවා. ඔහු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව ආගමික නායකයන් මෙන්ම ජනතාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංස ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්