fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටබීම මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට එරෙහිව ඩයගම ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 15:17

රටබීම මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට එරෙහිව ඩයගම ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක

තලවකැලේ ඩයගම නගරයේ පාසලක් ආසන්නයේ සහ බස් නැවතුම්පොල භුමියට යාබදව අලුතින් රටබීම මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් පුද්ගලයෙකුට මත්පැන් අලෙවි බලපත්‍රයක් ලබාදිමට සුදානම් විමට එරෙහිව ඩයගම ප්‍රදේශවාසින් පිරිසක් අද දින තලවකැලේ හින්දු කොවිල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

ඩයගම නගරයේ අලුතින් රටබිම මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිමට එරෙහිව පසුගිය දින කිහිපය තුල ඩයගම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් එයට විරෝධය පාමින් සිදු කල උද්ඝෝෂණ හේතුවෙන් සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ නුවරඑලිය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් උද්ඝෝෂණ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කළා.

එම විමර්ෂණයට සහභාගි වු ඩයගම ප්‍රදේශවාසින් විමර්ෂණ නිලධාරින් හමුවේ කියා සිටියේ ඩයගම නගරයේ දැනටමත් මත්පැන් අලෙවිසැල් දෙකක් තිබෙන බවත්,තවත් මත්පැන් අලෙවිසැලක් විවෘත කලහොත් ඩයගම ප්‍රදේශයේ විශාල පිරිසක් මත්පැන් බිමට ඇබ්බැහි වන බවයි.

ඒ අනුව ඩයගම නගරයට අලුතින් මත්පැන් බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසට එම විමර්ෂණයට එක් වි සිටි වතු කම්කරුවන් අවධාරණය කර සිටියා.

විමර්ෂණයට එක් වු නුවරඑලිය සුරාබදු කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ මහජන විරෝධය සම්බන්ධයෙන් වාර්තාවක් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කිරිමට පියවර ගන්නා බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්