fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වගකීම් දරණ ආයතන, විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 15:13

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වගකීම් දරණ ආයතන, විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා වගකීම් දරන ආයතන, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සදහා මූලික පියවර ලෙස ඒ සම්බන්ධයෙන් රටේ වත්මන් තත්වය නිසිලෙස අවබෝධ කර ගැනීම වැදගත් බැවින් අදාළ සියලු පාර්ශව ගෙන්වා සාකච්ඡා කිරීමට “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී” තීරණය විය.

එම කාරක සභාවේ පලවෙනි රැස්වීම කාරක සභාවේ සභාපති  අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගන්නා ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරිය යන ආයතන කාරකා සභාව ඉදිරියේ කැඳවා මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පවත්වා පවතින තත්වය හඳුනා ගැනීමට අවශ්‍ය බව කාරක සභාවේ සභාපති අමාත්‍ය  ටිරාන් අලස් මහතා පැවසීය. ඒ අනුව අදාළ ආයතන ලබන අගෝස්තු 10 වැනි දින කාරක සභාව හමුවට කැඳවීමට මෙහිදී තීරණය කරන ලදී.

මෙයට අමතරව, මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා වන උපායමාර්ගික සැලැස්මක් සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන අතර සම්බන්ධීකරණයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම කාරක සහාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර,  (වෛද්‍ය) උපුල් ගලප්පති සහ  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.

එසේම පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන (වැඩබලන) අධ්‍යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට
එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්