fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 09:46

කාලගුණයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට ඇතිවන මෝසම් වර්ෂාවෙන් දරුණු බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මහාරාෂ්ට්‍ර , උත්තරප්‍රදේශ්, පන්ජාබ් සහ තෙලන්ගනා යන ප්‍රාන්ත වෙත හෙට සිට මෝසම් වර්ෂාව ඇතිවීමේ තත්ත්වයක් පවතින බවයි.

ඊයේ දිනය පුරාමත් ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාව පතිත වුණා.

මේ හේතුවෙන් ස්ථාන රැසක් ජලයෙන් යට වූ අතර නගර රැසක පාසල් තවදුරටත් වසා දැමීමටද බලධාරීන් පියවර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්