fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිසියට එරෙහිව පැමිණිලි රැසක්

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 09:42

පොලිසියට එරෙහිව පැමිණිලි රැසක්

පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක් ලැබී ඇති බවයි.

ඉන් පැමිණිලි 9774 ක්ම ලැබී ඇත්තේ මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකතන අංකයටයි.

අනෙකුත් පැමිණිලි මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී තිබේ.

ඉන් පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවකට මේ වන විට විසඳුම් ලබා දී අවසන් ය.

පොලිස් කොමිසම පැවසුවේ , පැමිණි විභාග නොකිරීම,බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවයි.

1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශ පවතින බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ය.

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2023 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්