ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති බව කියන මුදල් නාස්තියට එරෙහිව උද්ඝෝෂණයක්
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති බව කියන මුදල් නාස්තියට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වුණා.
මේ අතර තම ආයතනයේ නිලධාරීන් වරදක් සිදු කර ඇත්නම් නීතිය හමුවට යන්නැයි ක්‍රිකට් අයාතනයේ ලේකම්වරයා දැනුම් දෙනවා.
මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරාගනිමු යන මැයෙන් විරෝධතාවක් පැවැත් වුණේ ක්‍රිකට් ආයතනය අසලදීයී.
නව ජනතා පෙරමුණ එය සංවිධාන කළා.
කෙසේ වුවද විරෝධතාකරුවන්ට ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිටට යාමට පොලීසිය ඉඩ ලබා දුන්නේ නැහැ.
එහෙත් ක්‍රිකට් ආයතනය අසළ ඔවුන් විරෝධතාවේ නිරත වුණා.
මේ අතර ක්‍රිකට් ආයතනය වරදක් සිදු කර ඇත්නම් ඊට දඩුවම් විදීමට නිලධාරීන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.