කෝටි 21ක මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටේදී හසුවෙයි
Related Articles
රුපියල් කෝටි 21ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත්තා.
ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටලීම සිදුකළා.
හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් යානයකින් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන්තොටුපළ වෙත ඒවා තිබුණා.
මෙම භාණ්ඩ තොගය රැගෙන යාමට පැමිණි තුන් දෙනෙකු ඉදිරියේ ඒවා විවෘත කිරිමේ දී කිලෝ ග්‍රෑම් 33ක් බර රුපියල් කෝටියක් පමණ වටිනා ගංජා තොගයක් සොයා ගැනුණා.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා පවත්වාගෙන යන ශබ්ද වාහිනි පද්ධති අලෙවිකරණ වෙළදසැලක තිබි රුපියල් කෝටි 20ක් පමණ වටිනා කෘත්‍රිම ඇම්පටමයින් කුඩු කිලෝ ග්‍රෑම් 100ක් පමණ සොයා ගෙන තිබෙනවා.
ඒ සමග මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුනා.
මෙම කෘත්‍රිම මත්කුඩු නාගරික ප්‍රදේශවල සාද පවත්වන අවස්ථාවල දී යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්ය අංශය පවසන්නේ.
කටුනායක දී අත්අඩංගුවට ගත් 3න් දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයටත් / අනෙක් 4 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිපරත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ෂණ සිදු කිරීමට නියමිතයි.