fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝල්දෝවා රාජ්‍යයේ සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 45 දෙනෙකු පිටුවහල් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2023 15:30

මෝල්දෝවා රාජ්‍යයේ සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 45 දෙනෙකු පිටුවහල් කෙරේ

මෝල්දෝවා රාජ්‍යයේ සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 45 දෙනෙකු පිටුවහල් කර තිබෙනවා.

ඔත්තු බැලීමේ චෝදනා මතයි එරට රැඳී සිටි රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කර ඇත්තේ.

ලබන මස 15 වනදාට පෙර මෝල්දෝවා රාජ්‍යයෙන් පිටවන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

රුසියානු තානාපති කාර්යාල වහලේ සහ අසල්වැසි ගොඩනැගිල්ලක සවිකර ඇති නව නීරික්ෂණ උපකරණ පිළිබඳ මාධ්‍ය වාර්තාවක් සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ පිළිබඳ රුසියාව හෙළා දැක තිබෙනවා.

මෝල්දෝවා රාජ්‍ය මිලියන 2.6ක ජනගහනයක් සහිත රටක් වන අතර යුරෝපයේ දුප්පත්ම ආර්ථිකයන්ගෙන් එකක්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2023 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්