අනුරාධපුර තිරප්පනේ කුරටියාව රක්ෂිතයේ දී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අග්බෝ ඇතාට ප්‍රතිකාර සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සිටියා.
අස්ථි බිදීම හා පාදය තුළ ඇති මූනිස්සම් පිළිබඳ සොයා බැලීම පිණිස විශේෂ එක්ස්රේ කිරණ පරීක්ෂණයක් සිදු කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ස්ථිර වශයෙන් තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
ඇතාගේ මැණික් කටුව ප්‍රදේශයේ අස්ථි බිදී ඇති අතර විශාල වශයෙන් ආසාදනය වී ඇති බවද ඔහු සඳහන් කළා.
බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලැබූ මෙම ඇතාට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ පසුගිය මාසයේ 12 වනදා සිටයි.
මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මගින් ඇතාට අවශ්‍ය ආහාරපාන ලබා දීමට පියවර ගෙන තිබෙනවා.