31වැනි ලෝක විශ්ව විද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය හෙට (28) සවස චීනයේ Chengdu නගරයේ Dong’an ක්‍රීඩා උද්‍යානයේ ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙවර ක්‍රීඩා උළෙල ප්‍රධාන ඉසව් 18 කින් සහ අතුරු ඉසව් 269 කින් සමන්විත වෙනවා.
ලෝකයේ විවිධ රටවල සහ කලාපවල විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සහයෝගිතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ක්‍රීඩා උළෙල අතරතුර ජාත්‍යන්තර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සම්මේලනයේ ලෝක අධ්‍යයන සමුළුව සහ විවිධ සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී තරග ඉසව් හතකට සහභාගි වීමට ද අපේක්ෂා කෙරෙනවා.