fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි අරාබියට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් කඩා වැටෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2023 15:21

සෞදි අරාබියට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් කඩා වැටෙයි

සෞදි අරාබියට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් යේමන දේශසිමා ආසන්නයේ දී කඩා වැටී තිබෙනවා.

ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 15 ප්‍රහාරක යානයකුයි පුහුණුවීම අතරතුර මෙසේ කඩාවැටී ඇත්තේ.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

සෞදි අරාබියේ කින්ග් කාලිඩ් ගුවන් කඳවුර ආසන්‍නයේ ගුවන් කඳවුරක පුහුණු වීම් සිදු කෙරුණා.

කාන්තාර ප්‍රදේශයේ දී අනතුර සිදු වු බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

රියාද් නුවර සිට කිලෝ මීටර 815ක් දුරින් අනතුර සිදුවුණා.

එය පැයට කිලෝමීටර 3000ක වේගයෙනුයි ගමන් කර තිබුණේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2023 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්