අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මියයයි
Related Articles
ලෝක ප්‍රකට අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මිය ගියා.
ඒ වයස අවුරුදු 56 ක්ව සිටියදීයි.
ෂිනේඩ් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1990 දී නිකුත් කරන ලද නතින් කම්පෙයාර්ස් ටු යූ ගීතය ගායනයෙන්.
ලොව පුරා ගීත දර්ශකවල අංක එකට පැමිණීමට එම ගීතය සමත් වුණා.
1966 දෙසැම්බරයේ දී ඩබ්ලින් හි දී උපත ලද ඇගේ කුඩා කාලය මහත් දුෂ්කරතාවලින් පිරී තිබුණා.
පළමු වරට සංගීතය සඳහා යොමු වීමට ගිටාරයක් පවා පරිත්‍යාග කර තිබුණේ කන්‍යා සොහොයුරියක් විසින්.
අසාමාන්‍ය කටහඩක් හිමි ෂිනේඩ් මෙතරම් අඩු වයසකින් ජීවිතයෙන් සමු ගැනීම ඇගේ රසිකයන්ගේ හදවත් කම්පාවට පත් කළා.
කෙසේ වෙතත් ෂිනේඩ් ගේ මරණයට හේතුව පිළිබඳ ඇගේ පවුලේ ඥාතීන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැහැ.