පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 19 ක් නාවික හමුදාවෙන් අල්ලයි

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2023 05:35

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 19 ක් නාවික හමුදාවෙන් අල්ලයි

පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේසිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 19 කු සමඟ ඩිංගි යාත්‍රා 04 ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ අඛණ්ඩව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසන්න අවට මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත නුදුරු දිනක හීන වී යාමේ අවධානමකට ලක්වීම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය මඟින් පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී, නීති විරෝධී ‍ලෙස  පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් , ඩිංගි යාත්‍රා සහ  ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 49 ත් අතර වයසේ පසුවන පුල්මුඩේ, නිලාවේලි සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන  අතර, එම සැකකරුවන් දහනව 19 සමඟ ඩිංගි යාත්‍රා 04  සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතට භාර දීමට පියවර ගත් බව නාවික හමුදාව පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2023 05:35