ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එරට විපක්ෂය සූදානම් වනවා.
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ජන කොට්ඨාස දෙකක් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙනුයි රජයට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කර ඇත්තේ.
අදාළ විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කතානායකවරයාගේ අනුමැතිය හිමිවුණා.
අග්‍රාමාත්‍යවරයා මනිපූර් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම ද විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
කෙසේ වුවද අදාළ විශ්වාසභංග යෝජනාවට ශක්තිමත්ව මුහුණදීමට සූදානම් බවයි ඉන්දීය රජය නිවේදනය කරන්නේ.
මනිපූර් ප්‍රාන්තයේ හටගෙන ඇති ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 130කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තවත් දහස් ගණනක් අවතැන්ව සිටිනවා.