fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක සංචාරක රූ රැජිණ තරගය ලබන 29 වනදා ශ්‍රී ලංකාවේදී

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2023 12:45

ලෝක සංචාරක රූ රැජිණ තරගය ලබන 29 වනදා ශ්‍රී ලංකාවේදී

2023 ලෝක සංචාරක රූ රැජිණ තරගය ලබන 29 වනදා ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා.

එම තරගය මෙරට පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ සංචාරක කර්මාන්තයේ විධිමත් ප්‍රවර්ධනයක් ඇති කිරීම බව එම තරගයේ ප්‍රධාන වැඩසටහන් සම්බන්ධීකාරක රාධිකා ගුණවර්ධන පවසනවා.

2023 සංචාරක රූ රැජිණ තරගය රටවල් 28ක තරග කාරිනියන්ගේ සහභාගීත්වයෙන් ලබන 29 වනදා මහනුවර දී පැවැත්වෙනවා.

ඊට සහභාගි වන තරගකාරිණියන් පසුගිය දින දෙකේදී මහනුවර ප්‍රදේශය ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වුණා.

කුණ්ඩසාලේ ජායිපූර් කෘතිම පාද මධ්‍යස්ථානය හෙවත් සෙන්ටර් ෆෝ හැන්ඩිකැප්ඩ් ආයතනය වෙත ගිය ඔවුන් ආබාධ සහිත කුඩා දරු දැරියන් 20 දෙනෙකු සඳහා කෘත්‍රිම පාද ලබාදීමට එක්වුණා.

ගීත ගායනා කරමින් දරුවන් සමඟ සතුට බෙදාගැනීමට ද ඔවුන් කටයුතු කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2023 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්