කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පසුගිදා දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය විරෝධය පළ කරනවා.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පසුගිය 23 වන දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.
ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි විදේශ අමාත්‍යංශය මේ බව සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ අතීත ගැටුම පිළිබද ව්‍යාජ හා විකෘති අර්ථ දැක්වීම් කැනඩාව දිගින් දිගටම සිදුකිරීම හුදෙක් ඔහුගේ මැතිවරණ ජයග්රහන ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන්නක් බව එම නිවේදනයේ දැක්වෙනවා.
ඒ හරහා මෙරට ජාතීන් අතර පවතින සංහිදියාවට දැඩි හානියක් සිදුවන බවයි විදේශ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ හා ලොව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවන් අතර ස්ථාවරත්වය , ප්‍රගතිය ,සාමය හා සංහිදියාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස කැනඩාව හා එරට නායකයින්ගෙන් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/s5zv5GWfJ7c”]