fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිත්තර පාලන මිල ඉවත් කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2023 11:28

බිත්තර පාලන මිල ඉවත් කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් 19 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කෙරුණා.

ඒ අනුව ආනයනික බිත්තර සතොස වෙළෙඳසැල් ජාලය හරහා රුපියල් 35 ක මිලකට මෙන්ම සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා රුපියල් 40 ක මිලකට අද සිට ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවනවා.

කාලයක සිට වෙළෙඳපොළ තුළ බිත්තර හිඟයක් නිර්මාණය වී තිබූ අතර ඒ සඳහා විවිධ අවස්ථාවලදී රජය, පාරිභෝගික අධිකාරිය ඇතුළු පාර්ශ්ව විවිධ තීරණ ගනිමින් බිත්තර මිල පාලනය කිරීමට කටයුතු කළා.

අද සිට සතොස වෙළෙඳසැල් ජාලය හරහා රුපියල් 35 කට බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ වෙළෙඳපොළ තුළ බිත්තර හිගයට විසඳුම් ලබාදීමේ අභියෝගය භාර ගැනීමට තම සංගමය සූදානම් බවයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2023 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්