අදියර හතරකින් යුක්තව ජන හා නිවාස සංගණනය සිදු කරන බව ජන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් අනුර කුමාර මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
මේ වන විට ඒ සඳහා අවශ්‍ය දත්ත පද්ධතියක් සකස් කර ඇති බවත් සංගණන කාණ්ඩ සිතියම් පදනම් කර ගනිමින් සංගණනයේ දෙවන අදියර වන සියලුම ගොඩනැගිලි ලැයිස්තුගත කිරීම 2023 සැප්තැම්බර් මාසයේදී සිදු කරන බවත් අනුර කුමාර මහතා කියා සිටියා.
එමෙන්ම තෙවන අදියර ලෙස සියලුම පුද්ගලයින් හා නිවාස පිලිබඳ දත්ත රැස් කිරීම 2024 වසරේදී සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළා.