fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගින්නකින් ලිඳුල රහන්වත්ත වතුයායේ නිවාස 10ක් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2023 08:04

ගින්නකින් ලිඳුල රහන්වත්ත වතුයායේ නිවාස 10ක් විනාශ වෙයි

තලවකැලේ, ලිඳුල, රහන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (25) රාත්‍රීයේ හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 10ක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

විදුලි කාන්දුවීමකින් මෙම ගිනි ගැනීම හට ගන්නට ඇති බවට සැක පල කරනවා.

ගිනි ගැනීම හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයන් 56ක් පමණ අවතැන්ව ඇති බව වතු නිලධාරීන් පවසනවා.

අවතැන්වූ පිරිස දැනට තාවකාලිකව එම වතුයායේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ නවතා සිටිනවා.

වතු කම්කරුවන් හා ලිඳුල පොලීසියේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් නිවාසවලට ගින්න පැතිරීයාම වැළැකී ගිය බව වතු නිලධාරීන් සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2023 08:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්