fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අභියාචනාධිකරණය නිකුත්කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව අභියාචනයක්

hasiniek
By hasiniek ජූලි 25, 2023 14:55

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අභියාචනාධිකරණය නිකුත්කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව අභියාචනයක්

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අභියාචනාධිකරණය නිකුත්කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ඉදිරිපත්කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කෙරුණු රග්බි අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකා රග්බි ආයතනය ගොනුකළ මෝසමක් අභියාචනාධිකරණය හමුවේ අද කැඳවුවා.

අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්වි ඉලියාස් මහතා මෝසමක් ගොනුකර තිබුණා.

ඊට විරෝධය පළකළ ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ මෙම කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී ඇති බැවින් ඊට අදාළව අභියාචනාධිකරණයට නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම මෝසම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කාලය අවශ්‍ය බව පැවසුවා.

ඒ අනුව අදාළ මෝසම අගෝස්තු 3 වනදා යළි කැදවීමට නියෝග කෙරුණා

hasiniek
By hasiniek ජූලි 25, 2023 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්