මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, ඊයේ (24) රාත්රියේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී, අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා රැසක් නිරීක්ෂණය කර, එම ධීවර යාත්රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණි.
එහිදී, යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නව දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.