ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ හටගත් ගැටුමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. බන්ධනාගාර ගතව සිටින අපරාධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර කාලයක පටන් ඔවුන් අතර ගැටුම් පවත්නා බව බන්ධනාගාර පාලන අධිකාරීය පවසනවා. ගැටුම් ඇති වීමත් සමග එම බන්ධනාගාරය ඇතුළු තවත් බන්ධනාගාර 10ක රැඳවුවන් උපවාසයක් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.
ගැටුම් හේතුවෙන් තම ජිවිතවලට තර්ජනයක් එල්ල වී ඇති අතර ආරක්ෂක අංශ ඒ පිළිබද කිසිදු අවධානයක් යොමුකර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.