කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තීය සමිතිවලට වාරණ නියෝගයක්
Related Articles
වෘත්තිය සමිති එකමුතුව කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.
කොටුව පොලිසිය කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම වාරණ නියෝගය නිකුත් කළේ. පොලිසිය කියා සිටියේ කොළඹ දී පැවැත්වීමට නියමිත මෙම උද්ඝෝෂණය තුළින් ජනතාවට පීඩාවක් වන බැවින් එය වළක්වා ලිමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එහිදී මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සාමකාමිව උද්ඝෝෂණ පැවැත්විය හැකි නමුත් මහජන පීඩාවක් ඇති වන පරිදි සහ පොදු දේපළවලට හානි වන පරිදි විරෝධතා පැවැත්විය නොහැකි බවයි.
ඒ අනුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, ගාලු මුවදොර පිටිය වැනි ස්ථානවලට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම වළක්වාළමින් අධිකරණය වාරණ නියෝගය නිකුත් කළා.
නියෝග කඩ කරන්නේ නම් පොලිසියට ඇති බලතල අනුව පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා.