fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු රෝගයෙන් බංගලාදේශයේ 170කට අධික පිරිසක් මරුට

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2023 10:16

ඩෙංගු රෝගයෙන් බංගලාදේශයේ 170කට අධික පිරිසක් මරුට

ඩෙංගු රෝගය හේතුවෙන් බංගලාදේශයේ පුද්ගලයින් 170කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝසම් වර්ෂාවත් සමග බංගලාදේශය පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ. රෝගය හේතුවෙන් මිය ගිය පිරිස අතරට කුඩා දරුවන් 31 දෙනෙකු ඇතුලත්. ඩෙංගු රෝගීන්ගෙන් එරට රෝහල් පිරි යමින් පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඩෙංගු රෝගය බංගලාදේශය තුළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වන බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

මෙම වසර තුළ දී පමණක් රෝගය හේතුවෙන් රෝහල් ගත වී ඇති සංඛ්‍යාව 33000කට ආසන්න වන බව ද වාර්තා වනවා. මේ ආකාරයටම පසුගිය වසරේ දී ද ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 281 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2023 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්