fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සමඟ සර්වපාක්ෂික සමුළුව හෙට

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2023 08:12

ජනපති සමඟ සර්වපාක්ෂික සමුළුව හෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් හෙට (26) වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවය.

එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

සමගි ජන බලවේගය සමුළුවට සහභාගි වීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හදුන්නේතිති මහතා පවසයි.

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2023 08:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්